අධික රස්නෙ නිසා හැටන් ගෙයක් ගිනි ගනී

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාළගුණ තත්ත්වය සහ දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ නිවසක් ගිනි ගෙන ඇති බව හැටන් දික්ඔය
නගර සභාව වාර්තා කර තිබේ.

හැටන් සර්කියුලර් පාරේ නිවසක් මේ ලෙස අද දහවල් 12.00 ට පමණ ගිනි ගැනිමට ලක්ව තිබේ.
එම නිවසේ වහල ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වි එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිණි ඇවිලි ගින්න හටගත් බවයි එම නිවැස් හිමියන් පවසා තිබේ..
ගින්නෙන් එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පාවිචිචියට නොගන්නා උපකරණ රැසක්ද විනාශ වි තිබෙයි.
ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැති අතර ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුවි නැති බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment