පාර්ලිමේන්තුව කට් කළ SLFP මන්ත්‍රීවරු ජනපති හා සාකච්ඡාවක


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර තවත් හමුවක් මේ වන විට ජනපති ලේකම් කාර්යායේදී පැවැත්වෙමින් තිබේ.
මෙම අවස්ථාවට අද උදේ

පාර්ලිමේන්තු නොගිය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එක්ව ඇත.
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තවදුරටත් මෙහිදී දීර්ඝව කරුණු සාකච්ඡා කෙරුණු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒකාබද්ධයේ විපක්ෂයේ මන්ත්‍රීවරුනගේ ඉල්ලීම පරිදි රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පස්වරු 4 සිට පස්වරු 7 දක්වා පාර්ලිමෙන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත ය.
මේ සඳහා උදෑසන පාර්ලිමේන්තු නොගිය ශ්‍රිලනිප මන්ත්‍රීවරු එක්වනු ඇති බවත් ඔවුන් දවල් ගන්නා තීරණ අනුව සවස හැසිරෙනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment