වව්නියාව දිසාපති සෝමරත්න විධානපතිරණ මේ බව කියා සිටියේ මහකන්නයේ අස්වනු සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ විමසීමකදීය.
සෑම වසරකම වව්නියාවේ කුඹුරු හෙක්ටයාර් 19,810 ක් ප්‍රමාණයක් ගොවිතැන් කෙරෙන අතර මෙවර මහකන්නයේ ජලය හා වර්ෂාව අඩුවීම හේතුවෙන් ගොවිතැන් කිරීමට හැකිව ඇත්තේ හෙක්ටයාර් 12,080ක් නැතිනම් 60% ක් පමණ ප්‍රමාණයකි.
එම හෙක්ටයාර් 12,080න්ද වව්නියාවේ ගොවීහු බලාපොරොත්තු වූ අයුරින් වර්ෂාව නොලැබීම නිසා හෙක්ටයාර් 2834 ක් නොහොත් 23.4% ක් ජලය නොමැතිව විනාශ වී තිබේ.
ජලය නොමැති වීමෙන් අස්වැන්න නෙලීමට තිබූ ගොයම් ගස් දුර්වල වී, වී කරල් බොහෝ ප්‍රමාණයක් බොල් වී බවට පත් වීම හේතුවෙන් අස්වැන්නද සීග්‍රයෙන් අඩු වී ති බව ගොවීහු පවසති.
වී අස්වැන්න විනාශ වී යාමත් සමග සිය ගොවිතැන් වෙනුවෙන් ලබා දෙන්නේ යැයි රජය විසින් පැවසූ රක්ෂණ මුදල් හෝ එළඹෙන අවුරුදු සමයට පෙර තමන්ට ලැබෙන්නේ නම් යම් අසවැසිල්ලක් හෝ ලැබෙන බවට වව්නියාවේ ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.
වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් පිරිසක් වී අස්වනු නෙලන ආකාරය ඡායාරූපවල දැක්වේ.
රොමේෂ් මධුෂංඛ - වන්නි
0 comments :
Post a Comment