කොන්දේසි සහිතව ජනපති ෆේස්බුක් නැවත විවර කරවයි

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡවක් අද (15) දින කොළඹ, ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණ අතර විදේශගතව සිටින ජනපතිද එම
සාකච්ඡාවකට

දුරකථන ඔස්සේ සම්බන්ධ විය.
එහිදී වෛරීය ප්‍රකාශ ඉවත් කර ගන්නා බවට ෆේස්බුක් සමාගමේ නියෝජිතයින්ගේ එකඟතාවය පළ කර ඇතිඅතර එම කොන්දේසිය අනුව
ෆේස්බුක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත දැනුම්දී ඇත.
ටුවිටර් (TWITTER) පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
පස්වරු 1.45 ට පමණ විදුලි සන්දේශන නියාමන කොමිසම එයට ප්‍රතිචාර දක්වමින් ඒ සම්බන්ධව ක්‍රියා කරන බවට උත්තර සපයා ඇත.
ඒ අනුව පස්වරු 2 පමණ සිට ටෙලිකොම් ඩයලොග් ඇතුළු අන්තර්ජාල සේවාවන්හි ඇතැම් සබඳතාවලට මෙම තහනම ඉවත්වීම අරඹා ඇති අතර එය තවත් පැය කිහිපයක් තුළ සම්පූර්ණ වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment