අම්පාර සහ මඩකලපු අලෙවි නියෝජිතයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි කුටි

අම්පාර සහ මඩකලපු අලෙවි නියෝජිතයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි කුටි

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර තරුණ තරුණියන් සදහා ස්වයං රැකියාවක් වශයෙන් ලොතරැයි අලෙවි නියෝජිත තනතුරු ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇත. එසේ කටයුතු කරන නියෝජිතයන්ට සිය ව්‍යාපාරික කටයුතු වඩාත් ක‍්‍රමවත්ව හා පහසුවෙන් පවත්වා ගෙන යාම සදහා ලොතරැයි කුටි ලබා දීමේ වැඩසටහන යටතේ අම්පාර හා මඩකලපුව යන දිස්ති‍්‍රක්කයන්හි නියෝජිතයන් 100 දෙනෙකු සදහා ලොතරැයි කුටි ලබාදීමේ උත්සවය පසුගිය 2018.03.04 වන දින අම්පාර මොන්ටි හෝටල් පරිශ‍්‍රයේදී සාර්ථක ලෙස සිදුවිය.

මෙම වැඩසටහන යටතේ ත‍්‍රිකුණාමලය සඳහා අලෙවි කුටි 30ක් ලබා දීම ජනවාරි මාසයේදී සිදුවූ අතර අම්පාර දිස්ති‍්‍රක්කය සඳහා අලෙවි කුටි 45ක් ද මඩකලපුව දිස්ති‍්‍රක්කය සඳහා අලෙවි කුටි 25ක් ලබා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් එදින සිදුවිය.

පුංචි රුපියල් විස්සකින් අප නොදන්නා මිනිසුන්ගේ ජීවිතයම වාසනාවන්ත කරන ගමන් සංවර්ධන ලොතරැයිය හා අත්වැල් බැද සිටින අලෙවි නියෝජිතයන්ගේ ජීවිතද වාසනාවන්ත කිරීමේ අපේක්ෂාවෙන් සිදුකළ මෙම සත්කාරයේදී ඔවුන් ඇගයීමද සිදුවිය. එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවියේ ප‍්‍රවර්ධනයක් පෙන්නුම් කර ඇති අම්පාර හා මඩකලපුව යන දිස්ති‍්‍රක්කයන්හි අලෙවි නියෝජිත නියෝජිතවරියන් 14 දෙනෙක් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත මුදල් ත්‍යාග සහිත චෙක්පත් පිරීනැමීමද එදින සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා සහ වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය.

DLB 2

DLB 3

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment