හඬ හඬා අත් ගසා ඉහ මත
ගිනි තියා වැලපෙති බොහෝ තරු
මැරෙනවා මම මැරෙනවාමයි
කියා පොළොවට පනිති සමහරු
කළු අඟුරු විතරයි ඉතුරු!
කලබගෑනිය හෙමින් මගහැර
කලාතුරකින් පෙලක් තරු අය
කුඩා අත්තටු දෙකක් මහගෙන
මැණික් වාගේ දිලෙනවා,
දකින තැන කිරිකැටි හිනාවල් නැඟෙනවා,
'කදෝකිමි' කිය කියා අත්පොඩි සැලෙනවා...
0 comments :
Post a Comment