ජවිපෙන් ව්‍යවස්ථාවට සංශෝධනයක්

ජවිපෙන් ව්‍යවස්ථාවට සංශෝධනයක්

 එහිදී ජවිපෙ සහෝදරවරුන් දැක්වූ අදහස් මෙසේයි.

මේ වන විට නැවතත් ජනාධිපතිවරණය පිලිබඳව කතාබහක් ඇති වී ඒවාට මාධ්‍ය විවිධ ප‍්‍රවෘත්ති හැදුවත් මෛත‍්‍රීපාල මහත්තයා පොරොන්දු වුණු විදියට නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් නොමැති බව ජවිපෙ පවසයි. මේ නිසා එයට ක්‍රියාමාර්ග ගැනීමට ජවිපෙ සූදානම් බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදීත් පසුවත් අවස්ථා කීපයකදීම සපථ කරලා කිව්වා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් කටයුතු කරනවා කියලා. නමුත් පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවද කියලා තවම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරයාත් තීරණය වෙනස් කරලා වගේ.” විජිත හේරත් මහතා ද මේ සඳහා මෙලෙස අදහස් පළ කළේය.

“විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ගේනකොටත් අපි මේකට විරුද්ධ වුණා. ඒ වගේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ හැම එකේදීම අපි මේ ධුරය අහෝසි කළ යුතු බවට අරගලයක් ගෙනගියා. ඒ නිසා ඒ අරගලය අලුත් වටයකින් දැන් උඩට ගන්න ඕනෑ.” ලාල්කාන්ත මහතා කියා සිටියේය.

“මේ වෙනකල් ජනාධිපති ධුරයට පත්වුණු හැම නායකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක සංශෝධනයක් විදියට පාර්ලිමේන්තුවට ගේන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය හෝ මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා මේක පාර්ලිමේන්තුවට දාන්නේ නැති බව දැන් හොඳටම විශ්වාසයි. අපි පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාමු.” යනුවෙන් මේ සඳහා අදහස් පළ කරමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා යෝජනා කළේය.

“දැන් විශ්වාසභංග යෝජනාවක් එන්න තියෙන නිසා මේක දාන කාල සීමා ගැන අවධානය යොමු කරන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඔව්, නැත්නම් විශ්වාසභංගය ගැන අවධානය වෙන පැත්තකට යොමුකරන්න මේ සංශෝධනය ගේනවා කියලා මතයක් හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගන්න ආකාරය සහ කෙටුම්පතට ඇතුල් වෙන්න පුළුවන් කරුණු ගැන විශේෂ අවධානයක් යොමුකරන්න වෙනවා.” ටිල්වින් සිල්වා නැවතත් කියා සිටියේය.

“පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි වෙනකොට ආණ්ඩුකාරවරුන්ගේ බලයට මොකද වෙන්නේ. ඒ මගින් රට බෙදීමේ තැනකට යනවා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයෙන් හැදෙන දුර්වල ආණ්ඩු ආරක්ෂා කරන්නේ ජනාධිපති කියලත් මතයක් තියෙනවා.” ලාල්කාන්ත මහතා එසේ කියද්දී එයට අනුර දිසානායක මහතා නැවත තම අදහස් පළ කරමින් මෙසේ පැවසුවේය. “ඔව් අපි මේ කරුණු සැලකිල්ලට අරගෙන කෙටුම්පතක් හදමු. කෙටුම්පත එක්ක අනෙක් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡාවට යමු. ඒ අනුව අවසන් එකක් හදන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද නැද්ද කියලා සාකච්ඡුාවක් කරන්න දෙයක් නැහැ. මොකද මහින්ද, මෛත‍්‍රී දැනටමත් ජනතාවට ඒ බව පොරොන්දු වෙලා ඉවරයි. රනිල් වික‍්‍රමසිංහටත් නැවත ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව දන්න නිසා සහය දෙයි.”


AshWaru Colombo

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment