දීර්ඝ කාලයක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් ස්ථාන මාරු ලැබිය යුතු බව සංගමය ප්රතිපත්තිමය වශයෙන් පිළිගන්නා නමුත් ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳ පූර්ව අත්දැකීම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,
"ගරු අධ්‍යාපන අමාත්‍ය,
අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
අමාත්‍යතුමනි,
ජාතික පාසල්වල දීර්ඝ කාලයක් සේවය කළ ගුරුභවතුන් ස්ථාන මාරු කිරීම සම්බන්ධවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පිහිටි ජාතික පාසල් 353හි වසර 10ට වඩා සේවා කාලයක් ඇති 6 - 11 ශ්‍රේණිවල උගන්වනු ලබන ගුරුවරු 5473 ක් මේ මස අගදි ස්ථාන මාරු කිරිමට නියමිත බව මාධ්‍ය මගින් වාර්තා කර ඇත.
2. දීර්ඝ කාලයක් ඵකම පාසලේ සේවය කළ ගුරුවරුන් ස්ථාන මාරු ලැබිය යුතු බව අප සංගමය ප්රතිපත්තිමය වශයෙන් පිළිගන්නා නමුත් ගුරු මාරු මණ්ඩල නිර්දේශ ලබා ගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය පෙර පරිදි නීති විරෝධිව ගුරු සේවයේ ස්ථාන මාරු සිදු කළහොත් ලංකා ගුරු සේවා සංගමය එම ගුරුවරුන් සමඟ ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව දැඩිව අවධාරණය කරමු.
3. අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික පාසල් ගුරුමාරු මණ්ඩල නිර්දේශ ලබා ගනිමින් මිට පෙර අ.පො.ස උසස් පෙළ හා ප‍්‍රාථමික ගුරුවරුන් 3350ක් ස්ථාන මාරු කළ අතර ඵහිදි ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය, ආයතන සංග‍්‍රහය හා කාර්ය පටිපාටික රීති උල්ලංඝනය කරමින් ඔවුන්ගේ අභියාචනා අයිතින් අහුරමින් අවුරුදු 59 දක්වා වු විශ‍්‍රාම යාමට නියමිතව සිටි ගුරුවරුන් පවා ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බව අප ඔබට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
4. ඔබගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම්වරයා විසින් සිදුකළ මෙම නීති විරෝධී ස්ථාන මාරු සියල්ල මෙරට රාජ්‍ය සේවයට සිදුකළ නිගාවක් මෙන්ම නරක පූර්වාදර්ශයකි. මෙය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වීම වැළැක්වීමට අතළොස්සක් වූ අවස්ථාවාදී වෘත්තිය සමිති යොදාගෙන තිබීමද දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
5. එමෙන්ම මෙම ස්ථාන මාරුවීම් 1 පාසල් වාරය අග සිදු කිරීමට නියමිත බව වාර්තා වන අතර එමගින් වාර අවසන් විභාග පැවැත්විම්, උත්තර පත‍්‍ර ඇගයිම්, ප‍්‍රගති වාර්තා ලබා දීම ඇතුළු පාසල් පරිපාලන කටයුතු බොහොමයක් මේ නිසා අර්බුදයට ලක්වීම වැළැක්විය නොහැකි කරුණක් වන බව පෙන්වා දෙන අප සංගමය උක්ත කරුණු සැලකිල්ලට ගෙන මෙම ස්ථානමාරු වීම් නීත්‍යානුකූලව සිදු කිරීමටත් අභියාචනා කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය "
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment