පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබඳ ලේඛණයක් හෙළි කරන්න රාජිත සැරසෙයි

පසුගිය රජය සමයේ සිදු වූ පැහැර ගැනීම් පිළිබඳ ලේඛණයක් හෙළි කරන්න රාජිත සැරසෙයි

රුපියල් කෝටි 37 ක වියදමින් ඉදිකිරීමට යෝජිත කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛය අමාත්‍යවරයා -

“කෑගල්ල මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සඳහා ඉල්ලීමක් ලැබී තිබුණා. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 250 ක්. එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට මම අවසර ලබා දුන්නා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වුණා. ඉදිරියේ දී පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. තව දෙසතියකින් පමණ එය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. සෞඛ්‍ය සේවාවක් මිසක් වෙළෙඳ ව්‍යාපාරයක් නොවෙයි. එක්තරා පෞද්ගලික රෝහලක හෘද සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 23 ක මුදලක් අය කර තිබෙනවා. එය අසාධාරණයි. නමුත් අවසානයේ රෝගියා ද ජීවිතක්ෂයට පත් වුණා. විශේෂඥ වෛද්‍යවරයා පමණක් දැනුම් දී තිබෙනවා තම මුදල අවශ්‍ය නොවන බව එවැනි මානුෂීය වෛද්‍යවරුන් ද සිටිනවා. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළේ දී වෛද්‍යවරුන්ගේ ගාස්තු අඩු කිරීමට කැමැත්තක් නොමැති බව පෞද්ගලික රෝහල් සංගමය දැනුම් දී තිබෙනවා. මම මේ පිළිබඳව සාකච්ඡා කරන්න කැමැතියි. නමුත් වෛද්‍යවරුන් බහුතරය රජයේ රෝහල්වල සේවය කරමින් වැටුප් සහ දීමනා ලබාගන්නා අයයි. පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් ඔවුන් ලබන්නේ අමතර ආදායමක්. ඒ ගැනත් සිතා බැලිය යුතුයි.”

“පසුගිය රජය සමයේ දූෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙනවා. පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙනවා. එම තොරතුරු ලේඛනය මම ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනවා. නමුත් අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැහැ. ජනතාවට නිදහස ලබා දී තිබෙනවා. නමුත් ජනතාවට එය තේරෙන්නේ නැහැ.”

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, චම්පිකා ප්‍රේමදාස, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න, හිටපු අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, රෝහල් අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment