ඩෙංගු අවම කිරීම සදහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සුව ඇමැතිගෙන් උපදෙස්.

ඩෙංගු අවම කිරීම සදහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සුව ඇමැතිගෙන් උපදෙස්.

 

2018 වර්ෂයේ ගත වූ කාල සීමාව තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 50% ක අඩුවීමකි. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සදහා 2018 මාර්තු 22 – 23 යන දින වලදී බස්නාහිර පළාත තුල හා මඩකලපුව දිස්ත්‍රික්කය තුල හඳුනා ගත් වැඩි අවදානම් ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

මෙම දෙදින වැඩසටහනේ පළමු දිනය වූ ඊයේ (22) සාරාංශය පහත පරිදිවේ. මෙහිදී පරිශ්‍ර 20,760 පරික්ෂා කරන ලද අතර පරිශ්‍ර 2941(15%) ක මදුරු කීටයන් සොයා ගනු ලැබ ඇත. එසේම පරිශ්‍ර 273(1.3%) මදුරු කීටයන් සොයා ගෙන ඇත. තව දුරටත් පාසල් හා කර්මාන්තශාලා වල මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බව හදුනා ගෙන ඇත.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි. මේ සදහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment