ලාසන් ඇන්ඩ් ටර්බෝ සමග ලෝක ජල දිනය

ලාසන් ඇන්ඩ් ටර්බෝ සමග ලෝක ජල දිනය

ලාසන් ඇන්ඩ් ටර්බෝ ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. සිවරාම්ක්‍රිෂ්ණන් මහතා ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

පාගමනට පැමිණි සිටි පිරිස අත රැඳි පුවරු සමහරක සටහන් වී තිබූ ආකර්ෂණීය පණිවුඩ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් විය. එයින් එක් පුවරුවක ‘කතරක ඔබව හමුවන්නට නොහැකි වුණි’ යැයි සඳහන් වැකියක් ද දැකගන්නට ලැබිණි.

පාගමන අවසානයේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය වෙත ආපසු පැමිණි ඔවුන් එහිදී නා පැළයක් රෝපණය කරමින් ජල සම්පත සුරකින රුක් සම්පත පෝෂණය කිරීම වෙත ද සිය දායකත්වය දක්වා සිටියහ.

තාක්ෂණික, ඉංජිනේරු, ඉදිකිරීම්, නිෂ්පාදනය සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍රයන් හි කලාපීය දැවැන්තයෙක් වශයෙන් සැලකෙන ලාසන් ඇන්ඩ් ටර්බෝ සමාගම සෑම වර්ෂයකම ලෝක ජල දිනය වෙත සිය උපරිම දායකත්වය දක්වමින් සිටියි. ජල සංරක්ෂණය සහ ජල සම්පත් සකසුරුවමින් භාවිතා කිරීම තේමා කර ගනිමින් මාර්තු මාසයේ මුල, ඔවුන් විසින් කොළඹ ප්‍රදේශයේ පාසල් දරුවන් සම්බන්ධ කරගනිමින් විවිධ තරග ඉසව් සහිත වැඩසටහන් මාලාවක් දියත් කර තිබිණි.

- අමාලි ජයවීර | ඡායාරූප -අජිත් සෙනෙවිරත්න

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment