ඩුබායි රටේ සැඟවී සිටින මධුෂ් ලංකාවට ගේන්න බැරි ‘උදර්පනේ‘ හින්දලු



ඩුබායි රටේ සැඟවී සිටිමින් ‍කොළඹ ඇතුළු ප්‍රදේශවල මිනිස් ඝාතන, කප්පම් ගැනීම, මත්කුඩු ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවන දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන මෙරට ගෙන ඒමට
නොහැකි වී ඇත්තේ උදර්පන නීතිය අනුව අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුමට දෙරට අත්සන්කර නොතිබිම නිසා යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
උදර්පන නීතිය යටතේ එම ගිවිසුමට අත්සන් නොකළද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කර හෝ එම අපරාධකරු මෙරටට ගෙනඒමට

වගකිව යුත්තන් කටයුතු නොකරන්නේ ඔහුට ඇතැම් දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබි ඇති නිසා බවද එම නිලධාරියා කීය.
රටේ වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරද්දී පොලිසියට පමණක් ඔහු අල්අඩංගුවට ගැනීමට කටයුතු කළ නොහැකි යැයි ඔහු පැවසීය.
යම් තත්ත්වය නිසා මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා වැනි පංතාල නායකයින් ඩුබායි රටේ සැඟවී සිටිමින් කොළඹ ඇතුළු රටේ ප්‍රදේශ රැසක මිනීමැරිම. කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, කුඩු ජාවාරම් ඇතුළු අපරාධ මෙහෙයවන බවද එම නිලධාරියා කීය.
මේ වසරේ ගත වූ කාලය තුළ දී සිදුවූ මිනිස් ඝාතන රැසක්ම මධුෂ්ගේ මෙහෙයවීමෙන් ඔහුගේ ගෝලයන් විසින් සිදුකර ඇති බව හෙළි වී ඇත.
අංගොඩ පදිංචි කොස්මල්ලි නමැත්තා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර හිස කොටස කෙසෙල්වත්ත ප්‍රදේශයට දමා ගොස් ඇත්තේ ද මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් විසින් යැයි පැවසේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment