2017 වසරේද මෙවැනිම ඉල්ලීමක් ජනපතිට යොමු කළ පසුව මුදල් අමාත්‍යාංශයේ සිටින ශ්‍රීලංගම ද්‍රෝහි නඩය උත්සව අත්තිකාරම වශයෙන් ශ්‍රීලංගම සේවකයන්ට ලබා දුන්නේ රුපියල් තුන්දහසක සොච්චම් දීමනාවක් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ට රුපියල් දස දහසක උත්සව අත්තිකාරමක් ලබාදී ලංගම සේවකයින්ට රුපියල් තුන් දහසක උත්සව අත්තිකාරමක් ලබාදීම අයුක්තිසහගත බවත් ඔවුහු පෙන්වා දෙති.
එකම අමාත්‍යාංශයේ සේවය කරන පිරිසකට දෙයාකාරයෙන් සැලකීම අයුක්තිසහගත සහ අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වා දෙන ලංගම සේවකයෝ 2018 වසරේවත් සිංහල අවුරුදු චාරිත්‍ර විධිමත්ම ඉටුකිරීම සඳහා රුපියල් දස දහසක උත්සව අත්තිකාරමක් ලබාදෙන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටිති.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් ජනපතිට යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ මොහොත වන විට භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා රුපියල් තුන් දහසක උත්සව අත්තිකාරමක් කිසිසේත් ලංගම සේවකයන්ට ප්‍රමාණවත් නැති බවයි.
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment