මේ වනවිට ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා සඳහා විදෙස්ගත වන බවත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිය සේවා ස්ථානවලදී විවිධ අතවර, තාඩන පීඩනවලට ලක්ව ජීවිතවලින් පවා වන්දි ගෙවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වෙතත් විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරාල මහත්මිය ඒ සම්බන්ධයෙන් දැනුවත්වී ඇති බවක් හෝ නොපෙනෙන බව ද හේමමාලි අබේරත්න මහත්මිය පවසයි.
ආසියාවේ වෙනත් රටවල කාන්තා ශ්‍රමිකයන් අත්හිටුවීමට කටයුතු කරමින් සිටියද මෙරට රජය තව තවත් කාන්තා ශ්‍රමිකයන් විදෙස් රටවලට පැටවීමට කටයුතු කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් විදෙස්ගත කාන්තාවන්ට නිවැරදි පුහුණුවක් ලබාදීමට පවා රජය අසමත් වී ඇති බවයි ඇය පවසන්නේ.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හේමමාලි අබේරත්න මහත්මිය,
'කාන්තා ශ්‍රමිකයන්ට සිදුවන හිරිහැරවලදී තානාපති කාර්යාලවලින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් හෝ කිසිදු පිළිසරණක් නෑ. තානාපති කාර්යාල නිළධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්යාල නිළධාරීන් ඒ වෙලාවට ගන්නෙ ඒජන්සිකාරයන්ගෙ පැත්ත. අන්තිමට ඒ කාන්තාවන්ට ඉතිරි වෙන්නෙ තමන්ගෙ පවුලේ අයගෙ සහයෝගය විතරයි.'
මෙවර කාන්තා දිනය නිමිත්තෙන් 'විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රීන් බිලිදීම නවතනු' තේමාව යටතේ විදෙස්ගත කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කරන බව ද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි.
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
0 comments :
Post a Comment