ඉන්දියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පාපැදි 7,000 ක් ලබා දීමේ වැඩසටහන යටතේ අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ ජනතාවට පාපැදි ලබා දීමේ අමත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අගුනුකොලපැලැස්සේ දී පැවැත් වූ වැඩසටහනක් අතරතුරදීය.
පාපැදි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
''ඇත්තෙන්ම මානප ක්‍රමය නැති වීම මෙන්ම කොට්ටාශයට මන්ත්‍රීවරයෙක් පත්වීම හොද ලක්ෂණයක්. නමුත් පළමු වතාවට මෙවනි දෙයක් ඇතිවීම නිසා ගැටලු රාශියක් ඇතිවී තිබෙනවා. මන්ත්‍රීවරු වැඩියි වගේම කාන්තා නියෝජනය මෙන්ම ස්ථාවර බලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙනවා.
කෙසේ නමුත් දැනට මෙම ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාත් ඒ සඳහා යම් යම් විසඳුම් ලබා දී තිබෙනවා.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments :
Post a Comment