අගමැතිට විරුද්ධ වුණ ශ්‍රීලනිපේ කට්ටිය මෙන්න !

අගමැතිට විරුද්ධ වුණ ශ්‍රීලනිපේ කට්ටිය මෙන්න !
විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර ඔහු අද (04) උදෑසන දක්වාම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොවිණි. 
 
එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සෙසු මැති ඇමැතිවරුද ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර ඔවුන් සියලු දෙනා නොපැමිණි මන්ත්‍රීවරු ලෙස සටහන් විය. 
 
තවත් විශේෂත්වයක් වූයේ මේ වන විට විපක්ෂයේ රැඳී සිටින විජේදාස රාජපක්ෂ මහතා අගමැතිවරයාට සහය දක්වමින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමයි.  
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment