මලික් ඉල්ලා අස්වෙයි : ශ්‍රීලනිප ඇමැතිවරුනුත් ඉවතට?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. 

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මලික් සමරවික්‍රම මහතා මෙම තරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයට සහාය දීමක් ලෙසය. 

මෙම ප්‍රතිසංවිධානයට සහාය දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මහතාද එජාප මහලේකම් තනතුරින් මීට පෙර ඉල්ලා අස්විය.

ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් ඉවත්කරන්නැයි ඉල්ලුවා - අකිල

අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා තව දුරටත් තනතුරුවල සිටීම ප්‍රශ්නයක් වන හෙයින් ඔවුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප මැති ඇමැතිවරුන් ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගෙන දන්වන්නේයැයි ජනපති පැවසූ බව ද අමාත්‍යවරයා කීවේය.

අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම , අකිල විරාජ් කාරියවසම්  ඇතුළු එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා හමුවී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment