නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2016 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය ඊයේ (අප්‍රේල් 05) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, වෛද්‍ය අනිල් ජාසිංහ සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් සහභාගී විය. තවද, නාවික හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන මහතා, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

චිරාගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්‍වීමෙන් අනතුරුව හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ උත්සවය ආරම්භ කෙරිණි. එම කර්තව්‍ය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා (හෙද අධ්‍යාපන) රජුලා දේවි වල්ලිපුරනාදන්, සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා (හෙද පරිපාලන) එම්බීසී සමන්මලී, සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා (හෙද සහ පවුල් සෞඛ්‍ය) ආර්එල්එස් රාජපක්‍ෂ, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පතිනි, අශෝකා අබේනායක, මුල්ලේරියාව හෙද විදුහලේ විදුහල්පතිනි, ඩබ්ඒආර්පී මැණිකේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී, කුමුදු කුමාරි යන මහත්මීන් සහභාගී විය.

ඉන් අනතුරුව, හෙද සිසුන් සඳහා තුන්සිලු පහන් ප්‍රධානය කිරීම පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරුණු අතර, පළමු අර්ධ වාර්ෂික පරීක්‍ෂණ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් හට විෂයය ප්‍රවිණතා පද්දකම් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment