ශ්‍රීලනිප ආපු නැති ඡන්ද ලැබුණ නම් වෙනසක් වෙනවා - මහින්ද

බදාදා රාත්‍රී පැවති විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජයගත් පසු එම ඡන්ද විමසීමට සම්බන්ධවී රනිල්ට එරෙහිව ඡන්දය ලබාදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයෙන්
එළියට එද්දී

මාධ්‍ය මගින් ඔහු වට කරගන්නා ලදි.
අද සිදුවූ දේ ගැන ඔබේ අදහස කුමක්දැයි යන්න විමසූ විට එම අවස්ථාවේ කෙටි උත්තරයක් දෙන්නට හිටපු ජනපති කටයුතු කළ අතර ඔහු කියා සිටියේ,
‘අපිට මුලින් තිබුනේ 54 යි මොනව වුණත් ඒක 76 දක්වා ඉහළ ගියා. ශ්‍රීලනිපේ අනිත් අය ඡන්දෙ දුන්නා නම් වෙනසක් වෙන්න තිබුණා‘ ලෙසිනි.

(අද ඡන්ද විමසීමට නොපැමිණි 26 න් ශ්‍රිලනිප 25 ක් සිටි අතර ඔවුන් රනිල්ට විරුද්ධ වූවා නම් මුළු ඡන්ද 101 කි. රනිල්ට පක්ෂ ඡන්ද 122 ක් ලැබී තිබුණි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment