එජාපයෙන් තවත් පුටු දෙකක් : කණගාටු වූ අජිත්ටත් පුටුවක්.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ (25) සිදුකෙරුණි.

එම තනතුරුවලට යෝජනා වූ සියලු නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ බව රවී කරුණානායක මහතා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment