
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා එහි තවත් එක් සාමාජිකයෙක් පමණක් හෙයින් අගමැතිවරයාට ශ්‍රීලනිප ඇමතිවරු පිළිබඳ තීරණ ගත නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය. විශ්වාසභංග යෝජනාවට පක්ෂ හෝ විපක්ෂවීමට ජනාධිපතිවරයා කිසිදු බලපෑමක් නොකළ අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ලෙස තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ඉඩ දුන් බවයි හෙතෙම කියා සිටියේ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට ගත් තීරණය ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණින් ගත් තීරණයක් නොවන බවත් බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දැරූ ස්ථාවරයට අනුව ගත් තීරණයක් බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ජාතික ආණ්ඩුව ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමඟ අද සාකච්ජා කළ බව පැවසූ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ යම්කිසි මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවුව හොත් මහජනතාවගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනා ගත් කණ්ඩායමක් ලෙස ඉවත් වන බවයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment