මුවන් පැලැස්සේ මැණිකේ රත්නාවලී කැකුණවල සමුගනි

මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ කෝරළේ මහත්තයාගේ බිරිය ‘මැණිකේ‘ ලෙස දශක ගණනාවක් රසිකයින් අතරට ළංවූ ප්‍රවීන සිනමා ගුවන් විදුලි හා ටෙලි රංගන ශිල්පිනි වන රත්නාවලී කැකුණවෙල අද අභාවප්‍රාප්ත වුණා.මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් විය.

1951 වසරේ  ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින්  පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයකින් ඇය ක්ෂෙත්‍රයට පිවිසි අතර ඉන්පසු දශක හයහමාරක් පමණ සිය වෘත්තියේ නිරත විය.
ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය වූ මුවන් පැලැස්ස ට ඇය සම්බන්ධ

වන්නේ 1964 දී වන අතර රෝගී තත්වය නිසා මුවන් පැලැස්සෙන් සමුගන්නා විට ඇය වසර 50 ක් එහි එතනාහාමි හා මැණිකේ යන චරිත වෙනුවෙන් හඞ කවා තිබුනි.
'අනේ මස්සිනේ' , 'උතුරේ රාහුල' , 'බොරැල්ලේ ගෙදර' , ඇතුළු වේදිකා නාට්‍ය රැසකටද ඇය රංගනයෙන් දායක වී ඇති අතර මුවන් පැලැස්ස, මරුවා සමග වාසේ, බට්ටි ඇතුළු සිනමා පට 40 කට පමණ රංගන දායකත්වය ලබා දී ඇත. ටෙලිනාට්‍ය රැසකද විවිධ චරිත රගපෑ ඇය අවසන් වරට රංගනවෙන් දායක වූයේ 'කෝරළේ මහත්තයා' ටෙලි වෘතාන්තයට ය.
දේහය 8 ඉරිදා උදෑසන සිට  25/1 සී, වෙඩිකන්ද පාර, රත්මලාන නිවසේ තැන්පත් කර තබන අතර ,  අවමගුල් කටයුතු 9 සදුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment