මංගලට ඉහළ තනතුරක් !

මංගලට ඉහළ තනතුරක් !
දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙස කටයුත කළ මංගල සමරවීර මහතා 2006 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව ශ්‍රීලනිප මහජන පාර්ශ්වය ලෙස කටයුතු කළ අතර පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එජාපයට එකතු විය. 2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිටවූ නව ආණ්ඩුව යටතේ සමරවීර මහතාට ප්‍රබල අමාත්‍ය තනතුර හිමි වුවද ඔහුට පක්ෂය තුළ කිසිදු තනතුරක් හිමි නොවීය.
 
ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් අලුතින් ස්ථාපිත කිරීමට නිර්දේශ කළ අතර ඒ සඳහා මේ වනවිට පක්ෂයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව බොහෝදුරට මංගල සමරවීර මහතාට ද එක් නියෝජ්‍ය නායක තනතුරක් හිමිවීමට ඉඩ තිබේ.
 
1994 වසරේදී 17 අවුරුදු එජාප පාලනය අවසන් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දැඩි සහයෝගයක් ලබාදුන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන්නේ මංගල සමරවීර මහතාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment