ශ්‍රී ලංකාවේ දැවැන්තම අවුරුදු සැණකෙලියට කොළඹ සූදානම් (PHOTOS/VIDEO)

ශ්‍රී ලංකාවේ දැවැන්තම නව අවුරුදු උත්සවය වන, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරන "සූර්යාභිෂේකය 2018" සැණකෙලිය සඳහා මේ වනවිට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ලහිලහියේ සූදානම්  වෙමින් තිබේ. 

හෙට උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ජනක්‍රීඩා ඇතුලත් නව අවුරුදු උත්සවය, සංස්කෘතික ප්‍රසංගය සහ සංගීත ප්‍රසංගය  පැවැත්වේ.

අවුරුදු උත්සවය සඳහා  ගැමි ගෙදර, කඩපිළ, කතුරු ඔන්චිල්ලාව ඇතුලු පැරණි ජන ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසක් ඇතුලත් වේ.

මෙම අවුරුදු උත්සවයෙන් පසුව ශිල්පීන් 1200 දෙනෙකු සහභාගි වන මහා සංස්කෘතික ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහේෂ් දෙණිපිටිය ප‍්‍රමුඛ වාදක මඩුල්ල සහ භාතිය – සන්තුශ්, උමාරියා සිංහවංශ, නිරෝශා විරාජිනි, උරේෂා රවිහාරි, ඉෂාක් බෙග්, අමිත වෙඩිසිංහ, සුසිල් ප්‍රනාන්දු, සුනීර සුමංග ඇතුලූ සිංහල සහ දමිළ ගායන තරු සහභාගී වන මහා මියැසි ප‍්‍රසංගයක්ද සංවිධානය කර තිබේ.

එම කටයුතු සූදානම් වන ආකාරය පිළිබඳව සකස් කල වීඩියෝව සහ ජායාරූප පහතින් දැක්වේ. 












Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment