එ.ජා.ප.ය.ට නැවතත් නායකත්ව කමිටුවක්.

එක්සත් ජාතික පක්ෂයට නැවතත් නායකත්ව කමිටුවක් පත් කිරීමට අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, එම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් බව ය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

දැනට පවතින සෙසු තනතුරු ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත්, මහ ලේකම්, ජාතික සංවිධායක හා සභාපති තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් අද නම් කළ නායකත්ව කමිටුව අප්‍රේල් මස 30 වන දාට පෙර තීරණය කරනු ඇති බව ද ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment