මංගලට ලොකු තනතුරක්?

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතාට ඉහල වගකීමක් පැවරිය යුතු බවට යෝජනා වී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

2006 වසරේදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී මහජන පාර්ශවය පිහිටුවා ආණ්ඩුවට අභියෝග කල මංගල සමරවීර මහතා, අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වුවද ඔහුට මෙතෙක් කිසිඳු වගකිවයුතු තනතුරක් ලබාදී නොමැත.

එහෙත්, එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ලබා දුන් දායකත්වයට කෘතගුණ සැලකීමක් වශයෙනුත්, ඔහුගේ දක්ෂතාවයෙන් හා පළපුරුද්දෙන් උපරිම සේවයක් එජාපය වෙත ලබා ගැනීම සඳහාත් සමරවීර මහතාට ඉහල වගකීමක් පැවරිය යුතු බවට යෝජනා වී ඇත්තේ, එම පක්ෂයේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් අද පැවති සාකච්ජාවකදීය.

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කරන බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ප්‍රතිඥාවක් මත ප්‍රතිසංවිධානයට අදාළ කමිටු ත්‍රිත්වයේ නිර්දේශ හා යෝජනා පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

එහිදී එජාප නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී ඇතැයි පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment