'සූර්යාභිෂේකය' අවුරුදු උත්සවය අවසන් භාගයේ : සංස්කෘතික මංගල්‍යයට සියල්ල සුදානම්.


සූර්යාභිෂේකය මහා නගරයේ මහා අවුරුදු උත්සවය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, මහානගර ඇමති චම්පික රණවක නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර මේ වන විට එය අවසන් වෙමින් පවතී. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙය සංවිධානය කල අතර හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ සාම්ප‍්‍රදායික අවුරුදු ජන ක‍්‍රීඩා, මෙන්ම තවත් තරග රැසකින් සමන්විත විය.

සූර්යාභිෂේකයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික අමාත්‍යාංශය, ශ‍්‍රීි ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින සවස ටොරින්ටන් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වේ.

සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී අද රාත‍්‍රී 08.00 සිට පැවැත්වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment