අයර්ලන්තය දශකයක පමණ කාලයක සිට ජාත්‍යන්තර සීමිත ඕවර් පිටියේ සැලකිය යුතු මට්ටමේ දක්ෂතා පෙන්වා ඇති අතර ඔවුන් මීට වසර ගණනකට පෙර සිට ටෙස්ට් වරම් අපේක්ෂාවෙන් සිටියේය. පසුගිය වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් තත්වය පිරිනැමීමට තීරණය කළ අතර ඒ අනුව ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යයි.
අයර්ලන්තය මේ වනවිට එක්දින තරග 136 කට සහභාගි වී ඉන් තරග 60 ක් ජයගෙන තිබේ. 2007 ලෝක කුසලාන තරගමාලාවේදි පකිස්තානයට එරෙහිව ලබාගත් එක්දින ජයග්‍රහණය සහ 2011 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රිකට් උපන් එංගලන්තයට එරෙහිව ලබාගත් ජයග්‍රහණය ඒ අතර සුවිශේෂී වේ. මීට අමතරව 2015 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීමට ද ඔවුන් සමත් වූයේ තමන්ට ඕනෑම ප්‍රබල කණ්ඩායමකට තරගයක් දියහැකි බව ලොවට පසක් කරමිනි.
ටෙස්ට් තත්වය අහිමි රටවල් සඳහා පැවැත්වෙන පළමු පෙළ තරගාවලිය වන ඉන්ටර්කොන්ටිනෙන්ටල් කප් (Intercontinental Cup) තරගාවලියේදී ඔවුන් දිගින් දිගටම දස්කම් දැක්වූ අතර මෙතෙක් පැවති තරගාවලි 06 න් 04 කදීම ඔවුන් ශූරතාවය දිනාගැනීමට සමත්ව තිබේ.
ලබන 11 වැනිදා පකිස්තාන්-අයර්ලන්ත ඓතිහාසික ටෙස්ට් තරගය අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර මැලහිඩේ ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව මැලහිඩේ ක්‍රීඩාංගනය එරට ටෙස්ට් වරම් හිමිකර ගත් පළමු ක්‍රීඩාංගනය වනු ඇත.
මෙම තරගය සඳහා විලියම් පෝර්ටර්ෆීල්ඩ්ගේ නායකත්වයෙන් 14 දෙනෙකුගේ සංචිතයක් නම්කර ඇති අතර විශේෂත්වය වන්නේ ටෙස්ට් වරම් හිමි කරගෙන සිටින ක්‍රීඩකයෙකු ද ඒ සඳහා ඇතුළත්වීමයි. අයර්ලන්තයේ බොයිඩ් රැන්කින් කලක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එහිදී 2014 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සමත් විය. එහිදී එක් කඩුල්ලක් පමණක් බිඳහෙළීමට සමත් වූ අතර පසුව ඔහු නැවතත් අයර්ලන්ත කණ්ඩායම සමග සම්බන්ධ වීමට තීරණය කළේය.
දක්ෂතා සපිරි, ජාත්‍යන්තර අත්දැකීම් බහුල අයර්ලන්ත ක්‍රීඩකයන්ගෙන් පකිස්තානුවන්ට දැඩි අභියෝගයක් එල්ල විය හැකිය. යම් හෙයකින් මෙම තරගය ජය පරාජයෙන් තොරව කෙලවර කර ගැනීමට අයර්ලන්තයට හැකි වුවහොත් මංගල තරගයේදී එවැනි දස්කමක් දැක්වූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ඔවුන්ට හැකිවනු ඇත.
ටෙස්ට් තරගය සඳහා නම්කළ අයර්ලන්ත සංචිතය
විලියම් පෝර්ටර්ෆීල්ඩ් (නායක), ඇන්ඩි බැල්බ්රයිනි, එඩ් ජොයිස්, ටිරෝන් කේන්, ඇන්ඩි මැක්බ්රේන්, ටිම් මර්ටග්, කෙවින් ඕ'බ්‍රයන්, නයිල් ඕ'බ්‍රයන්, බොයිඩ් රැන්කින්, නේදන් ස්මිත්, පෝල් ස්ටර්ලින්, ජේම්ස් ෂැනොන්, ස්ටුවර්ට් තොම්සන්, ගැරි විල්සන්
පළමු තරගය පැවැත්වෙන මැලහිඩේ ක්‍රීඩාංගනය
0 comments :
Post a Comment