පසුගිය සති අන්ත පුවත්පතක එම ප්‍රවෘත්තිය පළ කර තිබුණි.
එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් තමන් කියා සිටියේ බෞද්ධ ජනතාව ජීවත් නොවන ප්‍රදේශයන්හි බුදු පිළිම ඉදිකිරීම තේරුමක් නොමැති බව යැයි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එවැනි ප්‍රදේශවල ඉදිකොට තිබුණු බුදුපිළිම ඉවත් කොට ඇති බවත් ඊට අමතරව පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව වාර්තාවන් ඉදිරිපත් කර ඇති බවත් ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.
අසත්‍ය කරුණු පළ කරමින් ජනතාව අතර ගැටුම් ඇති කිරීමට තැත් කිරීම හේතුවෙන් අදාළ පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment