අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 13,314ක් පීඩාවට පත්වෙයි

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 13,314ක් පීඩාවට පත්වෙයි

එසේම පූර්ණ නිවාස හානි 01 සහ අර්ධ නිවාස හානි 173 වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට ආරක්ෂිත කඳවුරු 20 පවුල් 285 අයත් පුද්ගලයන් 1024ක් රැඳී සිටින බව එම මධ්‍යස්ථානය පවසයි. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් ආපදා වාර්තාවන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මරණ 5ක්

සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 05ක් වාර්තා වන බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු මියගොස් ඇති අතර සෙසු මරණ 4 සිදුව තිබෙන්නේ අකුණු සැර වැදීමෙනි.

මේ අතර මතුගම වැලිපැන්න ඌරුගොඩ කන්ද නාය යෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 30ක් ඉවත්කර තිබේ. මේ වනවිට එම පිරිස මේ වනවිට විහාරස්ථානයක ආරක්ෂිතව රඳවා ඇති බව පොලිසිය පවසයි. රතබලා ඔය පිටාර ගැලීමෙන් කොටුවී සිටි පවුල් 03ක් නාවික හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

ගාල්ලේ වැඩිම හානි නෙළුව හා තවලමට

gan wathura galla 3

ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් නාගොඩ වැලිවිටිය-දිවිතුර, බද්දේගම සහ බෝපේ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. මේ හේතුවෙන් සියලු අතුරු මාර්ග ජලයෙන් යටවී පවති. බද්දේගම උනන්විටිය කුරුපනාව හරහා උඩුගම ප්‍රධාන මාර්ගය කුරුපනාව, උනන්විටිය, මහම්බාන ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ. ගාල්ල දොඩන්ගොඩ හරහා බද්දේගම ප්‍රධාන මාර්ගය දොඩන්ගොඩ ප්‍රදේශයෙන් යටවීම නිසා රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. උඩුගම නෙළුව මාර්ගය, උඩුගම අකුරැස්ස මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතිබැවින් ගමනා ගමන කටයුතු සඳහා බදා මතුව තිබේ. මාපලගම තල්ගස්වල මාර්ගය, මාපලගම ගල්වාන හරහා උඩුගම මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී පවතී.

gan wathura galla 1

ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මියගොස්, පවුල් 44 කට අයත් සාමාජිකයන් 185 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02 ක් හා අර්ධ නිවාස හානි 72 ක් වාර්තා වෙයි. කෙසේ නමුත් මෙම දත්තවලට නෙළුව හා තවලම දත්ත සියල්ල ඇතුලත් නොවන බව ද වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ නෙළුව හා තවලම ආපදා දත්තයන් තවමත් ලැබෙමින් පවතින බවයි. අධික වර්ෂාවත් සමග ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම හානියක් සිදුව ඇත්තේ තවලම හා නෙළුව ප්‍රදේශ ආශ්‍රිතවය.

gan wathura galla 2

කළු ගඟත් පිටාර ගලයි

එසේම කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04කට බලපෑම් එල්ලවී ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් චන්දන ජයලාල් මහතා පැවසීය. පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

හල්දුම්මුල්ල ගිනිගජ්ජල කන්ද නාය යෑමේ අවදානම හේතුවෙන් කන්ද ආසන්නයේ සිටි පවුල් 78ක් හපුතලේ ප්‍රදේශයේ පාසල් දෙකක රඳවා ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව ද බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

gan wathura phatton 1

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (20) ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. තවදුරටත් වැසි ලැබෙමින් පවතින නිසා එම ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන හේතුවෙන් වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ජලාශය භාර ඉංජිනේරුවන් පැවසීය.

gan wathura madyama 1

අධික වර්ෂාවත් සමග ඩෙවොන් දියඇල්ලේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහල ගොස් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටි ඇති අතර තවදුරටත් පවතින වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

353.8mm ක් වූ වැඩිම වර්ෂාපතනය පුත්තලමට

එසේම අද පෙරවරු 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ 353.8mm ක වර්ෂාපතනයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ අනදිගම ප්‍රදේශයට 339mm ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ මාතලේ, කුඩාව, කුලියාපිටිය, හොරගස්ගාර, කුකුලේගග දුම්මලසූරිය සහ දෙල්වල ප්‍රදේශවලට 200mm ඉක්මවූ තද වැසි ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.

පුත්තලම දිස්තික්කයේ පිහිටි දැදුරුඔය, බත්තුළුඔ, රථඹලා ඔය, සෙන්ගල් ඔය අද පෙරවරුවේ සිට පිටාර ගැලීම ආරම්භ වූ අතර කටුපොත, අඹ කැලේ, ඉහල අත්තන්ගනේ ඇතුළු වැව් රැසක් වාන් දැමීම ද සිදුවිණි. පෙරවරු දහයට පමණ මාඑළිය වැව් බැම්ම කඩාගෙන යාම හේතුවෙන් හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය බත්තුලුඔය ප්‍රදේශයෙන් යටවූ අතර දුම්රිය මාර්ගයද ජලයෙන් යටවිණි.

gan wathura puttalama 3

gan wathura puttalama 2

මේ හේතුවෙන් හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විණි. මිට අමතර පුත්තලම දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු ඇන හිටිණි. විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා පුත්තලම දිස්ත්‍රික් අාපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහය ඇතිව බෝට්ටු සේවා යෙදවූ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.

මේ අතර කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පුත්තලම පොලිසිය සඳහන් කරයි.එළුවන්කුලම සපත්තු පාලමෙන් මේ වන විට අඩි දෙකහාමාරක පමණ ජලයක් ගලා යන බැවින් එම ස්ථානයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි. මෙම තත්ත්වය නිසා පුත්තලමේ සිට මන්නාරම දක්වා ගමන් කරන වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතු බව පුත්තලම පොලිසිය වැඩිදුරටත් පවසයි. මේ වන විටත් හලාවත ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් පතිත වේ.

gan wathura puttalama 1

මේ වනවිට අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ දෙසිය හයක පුද්ගලයන් 728ක් අවතැන්ව ඇති අතර පවුල් 1262 ක් පුද්ගලයන් 4925කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ නාත්තන්ඩිය, හලාවත, මුන්දලම හා මහවැව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට වන අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

මීට අමතරව විජයකටුපොත වැවේ තිබු ඔරු දොළහකට අසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති අතර විජයකටුපොත් වැව ඊයේ (20)අලුයම සිට වාන් දැමීම සිදු වූ අතර වැවේ ගාල් කර සිටි හරකුන් විස්සකට ආසන්න ප්‍රමාණයක්ද මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් හට හමු වී තිබේ.

ප්‍රසාද් ජයමාන්න - පුත්තලම
නාගොඩ සුමන උදයන්ත - ගාල්ල
ටී. විතානවසම් - ඉමදුව
එම්.සී. ඩී. මනුර දික්ඔය

සබැඳි පුවත්: 
 
 
 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment