බස් වර්ජනය අවලංගුයි, අවම ගාස්තුව 12 යි !

බස් වර්ජනය අවලංගුයි, අවම ගාස්තුව 12 යි !
බස් සංගම් පවසන්නේ අදාල සාකච්ඡාවේදී 12.5% ක බස් ගාස්තු වැඩි කිරීමක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළකර සිටි බැවින් වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි.
 
මේ අතර අවම බස් ගාස්තුව වන රුපියල් 10 රුපියල් 12 දක්වා ඉහළ දැමීමට ද අදාල සාකච්ඡාවේදී එකඟ වී තිබේ. බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළේ අවම ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දැමිය යුතු බවයි.
 
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බස් වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා මුහුණ දීමට ලංගම බස්රථ 1500 ක් ධාවනයට එක් කිරීම සඳහා සූදානම්ව තිබෙන බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment