රාජ්‍ය මාධ්‍යවල හැසිරීම ගැන තෘප්තිමත් නෑ - මංගල කණස්සල්ලෙන්

රාජ්‍ය මාධ්‍යවල හැසිරීම ගැන තෘප්තිමත් නෑ - මංගල කණස්සල්ලෙන්
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන සඳහා පත්කළ නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (16) පැවති උත්සවයේදී මංගල සමරවීර ඇමතිවරයා මේ බව පැවසීය.
 
පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය කටයුතු කළ අකාරයට සාපෙක්ෂව වර්තමාන තත්වය පිළිබඳ අතිශය සතුටු විය හැකි බවත් එහෙත් බලාපොරොත්තු වූ තත්වය කරා යාමට තවමත් අපොහොසත් වී ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ආණ්ඩුවේ හොරණෑවක් බවට පත් නොවී, රජය විසින් සිදුකරන කටයුතු විධිමත් හා ආකර්ශනීය ලෙස ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යය වියයුතු බව ඇමතිවරයා සිහිපත් කළේය.
 
සමරවීර මහතා විශේෂයෙන් සිහිපත් කළේ කිසි විටෙකත් ජාතිවාදය ආගම්වාදය අවුළුවන, ජාතීන් අතර සංහිඳියාවට බාධා පමුණුවන කිසිදු කටයුත්තකට රාජ්‍ය මාධ්‍ය තුළ කිසිදු ඉඩක් නොතැබිය යුතු බවයි. එවැන්නක් වාර්තා වූ සැනින් අදාල ආයතනයේ සභාපතිවරයා තනතුරෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවයි සමරවීර මහතා අවධාරණය කළේ.
 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනය ලෙස ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියත් එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නවාස් මොහමඩ් මහතාත් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස සාරංග විජේරත්න මහතාත් පත්කර තිබේ.
 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස නැවතත් සිද්ධි ෆාරුක් මහතා පත්කර ඇති අතර එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතාත් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස නවීන් ශානක, මහේෂිිනී කොළොන්නේ, සමන් මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
 
ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇති අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස විමල් කැටිපෙආරච්චි මහතා නැවතත් පත්කර තිබේ. මීට අමතරව අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස නලින් අපොන්සු, මෙත්සිරි පරණවිතාන, සුභාෂ් පින්නපොල, සෙරීනා පීරිස් යන මහත්ම මහත්මීන් ඇමතිවරයා අතින් පත්වීම් ලිපි භාරගත්තේය.
 
සැලසිනේ ආයතනයේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්කර ඇති අතර එහි සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ තුෂාර වන්නිආරච්චි මහතා සහ යුරේකා වේලාරත්න මහත්මියයි.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
 
mangala 5
mangala 6
mangala 7
mangala 8
mangala 9
mangala 10
mangala 11
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment