ඇමතිකම අත්හැරියාට වරප්‍රසාද අත්හැරලා නෑ - 16 කල්ලියට චෝදනා

ඇමතිකම අත්හැරියාට වරප්‍රසාද අත්හැරලා නෑ - 16 කල්ලියට චෝදනා
අමාත්‍යංශ සතු වාහනවලට අමතරව ඇතැම් ඇමතිවරු සිය කාර්යාලවල භාවිතා කළ පරිගනක ඇතුළු විවිධ උපකරණ පවා ගලවාගෙන ගොස් තිබේ. මේ වනවි අදාල අමාත්‍යංශ සඳහා වෙනත් ඇමතිවරුන් පත්කර තිබියදී පවා එම උපකරණ භාරදීමට අදාල පිරිසක කටයුතු කරන නොමැත.
 
මේ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එම ධූරයෙන් ඉවත්ව මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් නියෝජ්‍ය කතානායක ධූරයට අදාල වරප්‍රසාද භුක්ති විඳිමින් සිටී.
 
ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිතා කර තවදුරටත් ඇමති තනතුරු දැරීම සාදාචාරාත්මක නොවන බව පවසමින් ඔවුන් අමාත්‍යධූරවලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්තද ඇමති වරප්‍රසාද සම්බන්ධයෙන් එම සදාචාරය වලංගු වී නොමැති බවයි මෙයින් පෙනී යන්නේ.
 
ඊයේ (11) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේ නියෝජ්‍ය කතානායකධූරය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්නයි. එයට පිළිතුරු දෙමින් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය තවමත් ලැබී නොමැති නිසා අදාල ධූරයට වෙනත් මන්ත්‍රීවරයෙකු පත්කිරීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග ඇණහිට ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment