බීජ මාෆියාව ගැන සොයා බලනවා - මහින්ද අමරවීර

බීජ මාෆියාව ගැන සොයා බලනවා - මහින්ද අමරවීර
අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියේ අද (12) පෙරවරුවේ හම්බන්තොට බටඅත කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
 
රටට අවශ්‍ය සහල්, එළවළු සහ පළතුරු අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය වැඩිදියුණු කළ බීජ වැඩි ප්‍රතිශතයක් විදේශ රටවලින් ආනයන කරන බවත් ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉදිරියේදී අවශ්‍ය සියලු බීජ මෙරටදීම නිෂ්පාදනය කිරීම පිළිබඳ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා බංග්ලාදේශ සමාගමක් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡා මේ දිනවල පවත්වන බවත් අමරවීර මහතා පවසයි.
 
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 
'අපි බලාපොරොත්තු වෙන්නෙ අපිට අවශ්‍ය ආහාර මේ රටේ නිෂ්පාදනය කරගන්නත්, ඒ වගේම විදේශ වෙළඳ පොළට අපේ එළවළු, පළතුරු සහ සහල් විදේශ රටවලට යැවීම පිළිබඳව අවශ්‍ය පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දිනවල නියඟයක් තිබුණත් ඉදිරියේදී වැස්ස ලැබුනොත් සහල් අතිරික්තයක් ඇතිවෙන්න පුළුවන්. එය විදේශ රටවලට යැවීමට බලාපොරොත්තු වෙනව‍ා. ඒකට ප්‍රධාන බාධාවක් තමයි මේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය. රසායනික යොදන එළවළු, පළතුරු ගන්න බොහෝ රටවල් කැමති නෑ. අපි ඒ පිළිබඳව සැලකිළිමත් වෙමින් කාබනික වගාවට ගොවි ජනතාව හුරු කරන්නත් එම බෝග විදේශගත කරන්නත් වැඩපිළිවෙලක් සකස් කරනවා.'
 
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමරවීර මහතා,
 
'පක්ෂයේ ලේකම්වරයාත් සන්ධානයේ ලේකම්වරයාත් ක්‍රියාත්මක වෙන්නෙ සභාපතිතුමාගෙ නායකත්වය යටතේ. සමහරු කියනවා අපි වෙන පක්ෂවලට යනවා කියලා. මම ඉතාමත් පැහැදිළිව කියනවා අපේ දේශපාලනය වෙනස් වෙන්නෙ නැහැ. අපි අලියගෙ පස්සෙ යන්නෙත් නැහැ, පොහොට්ටුව පස්සෙ යන්නෙත් නැහැ. අපි ඉන්නෙ තනිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පමණයි.'
 
'තෙල් මිල වැඩිවීම සියළු දෙනාට බලපානවා. නමුත් අපි මේ තත්වය තේරුම්ගන්න ඕන. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල දෙගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා පසුගිය කාලයේ. රජයට ඒක දරාගන්න පුළුවන්කමකුත් නෑ. 2014 තිබුණට වඩා ඉතාමත් අඩු මිලකට තවමත් ඉන්ධන සැපයීම කරන්නෙ. මේක රජයට කැ‍මැත්තෙන් ගන්න වුණු තීන්දුවක් නෙවෙයි. නමුත් මේක නොකර ඉස්සරහට යන්න බැරි තත්වයක් තිබුණා. ධීවර ජනතාවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ අයට ඉන්ධන සහනාධාරයක් ඉදිරියටත් ලබා දෙනවා.'
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
bataatha agri 1
bataatha agri 2
bataatha agri 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment