මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ලාල් හෑගොඩයන් විසිනි. ඔහු විසින් සිදුකරනු ලබන ‘සොළාසක් රූ“ අනාවරණය, සොළොසක් රූ ප්‍රදර්ශනයේ කල්පනා ලෝකය, වැඩබිම හා සංස්කරණ මේසය මෙන්ම සොළොසක් රූ ප්‍රදර්ශනයේ සැඟවුණු කරුණු ද මෙහිදී අනාවරණය කෙරේ.
ඡායාරූප තරග දෙකක් ද වැඩසටහනට ඇතුළත් වේ. ඒ, මාසික ඡායාරූප තරගය සහ ‘කාගේද?“ ඡායාරූප තරගය වශයෙනි. මාසික ඡායාරූප තරගයට සහභාගි වීමට බලාපොරොත්තු වන ඡායාරූප ශිල්පීන් ට සිය ඡායාරූපයේ මෘදු පිටපත දොරටුවේදී භාර දී තරගයට සහභාගි විය හැක. ‘කාගේද?‘ ඡායාරූප තරගය ස්ථානීය තරගයකි. ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ද පිරිනැමේ.
ඡායාරූප සහ ඡායාරූපකරණය පිළිබඳ විශේෂ සංවාදයකින් සහ තවත් විශේෂාංග රැසක් සමග ඔබ හමුවට එන ‘ඡායාරූප ශිල්පින්ගේ මාසික හමුව‘ සෑම මාසයකම පැවැත්වීමට බලාපොරොත්තු වේ.
වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ readphotos.com විසිනි. LNW Media Network හි නවතම සාමාජිකයා වශයෙන් අනාගතයේදී දොරට වැඩීමට නියමිත, ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් ඡායාරූප අලෙවිකරණ වෙබ්අඩවිය වන readphotos.com පිළිබඳ හැඳින්වීමක් ද එදිනට සිදු කෙරෙනු ඇත. වැඩසටහන සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ලංකා නිව්ස් වෙබ් ඇතුළු LNW Media Network විසිනි.
සාමාජික මුදලක් හෝ කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පවත්වනු ලබන මෙම මාසික හමුව, ක්ෂේත්‍රයේ රැඳී සිටිනවුන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරනවුන්ට ද නැවුම් සහ මහඟු අත්වැලක් වනු නොඅනුමාන ය.
0 comments :
Post a Comment