එදා ඔහු ප්‍රකාශ කළේ ජාතික සම්පත් මංකොල්ල කන, ජාතික සම්පත් විකුණාගෙන කන කැබිනට් මණ්ඩලයක කටයුතු කිරීම හෘද සාක්ෂියට එකඟව කළ නොහැකි බවයි. එවැනි කැබිනට් මණ්ඩලයක කටයුතු කිරීම ලැජ්ජාවක් බව පවසමින් රාජපක්ෂ මහතා එදා අධිකරණ අමාත්‍යධූරයෙන් ඉවත් විය.
විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට අනුව වත්මන් ආණ්ඩුව මේ වනවිට ජාතික සම්පත් මංකොල්ල කෑමට තිත තබා තිබේ. ජාතික සම්පත් විකිණීමට තිත තබා තිබේ. ඔහුට ලැජ්ජාවකින් තොරව නැවත කැබිනට් මණ්ඩලයට ඇතුළුවීමට අවස්ථාව ලැබී ඇත්තේ එහෙයිනි.
ගැටලුව වන්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට පෙනෙන ආණ්ඩුවේ ප්‍රමිතිය ජනතාවට නොපෙනීමයි. 2015 දී ආණ්ඩුව පත්කිරීමට තම කතිරය භාවිතා කළ ජනතාවම ඊට වසර තුනක් ඇවෑමෙන් පැවති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ පරාජයට පත් කිරීමට කටයුතු කළේ ඒ නිසාය. එසේ නැතහොත් ජනතා බලාපොරොත්තු ඉටුකළ, ප්‍රමිතිගත ආණ්ඩුවක් පවත්වාගෙන යන දේශපාලන පක්ෂවලට කළගුණ නොසැලකීමට තරම් ජනතාව කුහක වී තිබේ.
විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් කළයුත්තේ එදාට වඩා අද ආණ්ඩුවේ ඇති ප්‍රමිතිය කුමක්ද යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමයි. එසේ වුවහොත් ජනතාව පළාත් පාලන මැතිවරණයේදී සිදුකළ වැරැද්ද නිවැරදි කරගනු ඇත.
0 comments :
Post a Comment