වව්නියා බන්ධනාගාරයේ සිරකරුවන්ට හිරිහැර - නීතිඥවරුන්ගෙන් චෝදනාවක්

වව්නියා බන්ධනාගාරයේ සිරකරුවන්ට හිරිහැර - නීතිඥවරුන්ගෙන් චෝදනාවක්

අධිකරණ ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් නීතිඥ ප්‍රියන්ත කාරියවසම් මහතා මෙසේ අදහස් දැක්විය.

"නීතිය හමුවේ නඩු විභාගයකදී වරදකරුවෙකු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිර්දෝෂී පුද්ගලයෙකු වශයෙන් සැලකීම ඔහුට සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෙකු සතු සියලුම අයිතිවාසිකම් වරදකරුවෙකු වන තෙක් ඔහුට තිබෙනවා. ඒක නීතියේ තියන මූලික සිද්ධාන්තයක්. නමුත් වව්නියාව බන්ධනාගාරයේ සිදුවන නොයෙක් වධ හිංසා පැමිණවීම්, අල්ලස් ගැනීම් සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවන්ට එරෙහිව විරෝධය පෑමක් වශයෙන් අද අපි අධිකරණය ඉදිරිපිටට රැස් වෙලා ඉන්නවා. මේ විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියත් අපි දැනුවත් කරන්න පියවර අරන් තිබෙනවා. ඒ වගේම මෙම ක්‍රියාවන් ඉදිරියටත් පවතින්නේ නම් ඉදිරියේදී නීතීඥ සංගමය වශයෙන් මීට වැඩියෙන් දැඩි පියවර ගැනීමට සූදානමින් ඉන්නේ."

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment