හිරුණිකාට එරෙහිව විනය පරීක්ෂණයක්

හිරුණිකාට එරෙහිව විනය පරීක්ෂණයක්

 

පසුගියදා ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, එජාප නායකයා සහභාගි වන රැස්වීම් වර්ජනය කරන බවයි. එජාප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඇස්බැන්දුමක් බවත් එජාප නායකත්වය වෙනස් වීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මෙය තමාගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සාමූහික තීරණයක් බවත් එහිදී ඇය ප්‍රකාශ කළාය.

මේ අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඒ සඳහා තමන් දැඩි විරෝධය පළකරන බවයි. පක්ෂයේ අර්බුද පක්ෂය තුළ විසඳා ගැනීමට ඉවසීමෙන් කටයුතු කළ තමන්ට ඒ සඳහා නිසි පිළිතුරු නොලැබුණු බවත්, නායකත්වය පිළිබඳ අර්බුදය පක්ෂයෙන් පිටතට ගෙනයෑමට සිදු වූයේ ඒ නිසා බවත් එම මන්ත්‍රීවරු පිරිස සඳහන් කරයි.

පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදය විසඳීම පසෙක තබා මන්ත්‍රීවරුන්ගේ කට වැසීමට පක්ෂ නායකත්වය කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ.

පක්ෂ නායකත්වය වෙනස් නොකිරීම සහ පසුගියදා සිදුකළ පක්ෂ නිළධාරී මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් එජාප බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති අතර මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් සැලකිය යුතු පිරිසක් පසුගිය 06 වැනිදා පැවති එජාප මැයි දින සමරුව වර්ජනය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment