ජනාධිපතිගේ ආදර්ශය යුධ හමුදාපති සහ නාවික හමුදාපති මායිම් නොකරන්නේ ඇයි?

ජනාධිපතිගේ ආදර්ශය යුධ හමුදාපති සහ නාවික හමුදාපති මායිම් නොකරන්නේ ඇයි?

ඔවුන්ගේ තනතුරු නිසා හිමි ව ඇති සිවිල් බලය හා අධිකාරී බලය හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇතිවිය හැකි බාධා ඉවත් කිරීමට ජනාධිපතිවරයා එසේ මූලිකත්වය ගත්තේය.

නමුත් මෙයට සාපේක්ෂව නාවික හමුදාපතිවරයා සහ යුධ හමුදාපතිවරයා කළේ සහ කරන්නේ කුමක්ද? ඊනියා රණවිරු ලේබලයකට මුවා වී මංකොල්ලකරුවන් සහ මිනීමරුවන් ආරක්ෂා කිරීමයි.

ඒ බවට උදාහරණ එමට ය. මෙයට වසර 12කට පෙර ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනා පැහැරගෙන ගොස් ගන්සයිඩ් හමුදා කඳවුරේ රඳවා තබා පසුව වෙඩි තබා මරා දැමීම පිළිබඳ නඩුවේදී සාක්ෂිවලින් පැහැදිලිවම පෙනී ගොස් තිබුණේ එය සිදුකළේ නාවික හමුදාවේ නිලධාරීන් විසින් බව ය. නමුත් රණවිරු දඩයමක් ගැන දුර්මතය ඉදිරියට දමමින් ඉතාම සූක්ෂම අන්දමින් එහි පරීක්ෂණ කටයුතු හා නඩු කටයුතු අඩාල කෙරුණේ යුක්තිය පවා නිල ඇඳුම ඉදිරියේ දණ ගසන බව පෙන්වමිනි. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය ද එසේම ය.

මේ සිද්ධිවල තිබෙන බරපතළ කම වන්නේ එකී සිදුවීම්වලට වගකිව යුතු යැයි සෘජු ලෙසම හඳුනාගත් නාවික හමුදා හා යුධ හමුදා නිලධාරීන් තවදුරටත් සක්‍රිය හමුදා සේවයේ සිටීමයි. ඔවුන් සක්‍රිය හමුදා සේවයේ සිටීම, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට බාධාවක් බව නාවික හමුදාපතිවරයා සහ යුධ හමුදාපතිවරයාට නොපෙනෙන්නේ ඇයි?

මේ හමුදා ලොක්කන් දෙදෙනා ජනාධිපතිතුමාගේ ආදර්ශය තුට්ටුවකටවත් මායිම් නොකරන්නේ ඇයි??

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment