දෙවි පහනක් කළ හදියක් (වීඩියෝ)

දෙවි පහනක් කළ හදියක් (වීඩියෝ)

පෙරේදා (06) හටගත් මෙම සිද්ධියෙන් නිවෙස සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගියේය.

තවද, මෙම සුඛෝපභෝගී නිවෙස පිහිටා තිබුණේ ටෙරස් හෙවත් නිවාස පෙළක වූ හෙයින් අසල්වැසි නිවාස දෙකකට ද ගින්න පැතිරී ගොස් ඒවාට ද දැඩි හානි සිදුවී තිබේ.

නිවසේ සිටි හින්දු ආගමික දමිල කාන්තාව සුපුරුදු පරිදි උඩු මහලේ පූජා කාමරයේ දෙවියන්ට පහන දැල්වීමෙන් අනතුරුව යම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරව ගොස් ඇති අතර, දෙවියන් වෙනුවෙන් දල්වන පහනක් හෙයින් නිවසින් බැහැරව යාමට පෙර ඇය එය නිවා දැමීමට උත්සුක වී නැත.

ශීත කාලගුණයට උචිත අන්දමින් ඉදිකරන නිසා එංගලන්තය වැනි යුරෝපා රටවල නිවාස ඉදිකිරීමට සියයට අසූවක් පමණම යොදාගන්නේ ලී සහ දැව වර්ගයි. මේවා ගිනි රකුසාට හොඳ දහන ද්‍රව්‍යයකි.

මේ අතර ලන්ඩනයේ ගිනි නිවන භටයන් අතර ප්‍රචලිත මතයකට අනුව එංගලන්තයට සංක්‍රමණය වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ නිවාසවල සිදුවන මෙවැනි ගිනි ගැනීම්වලට ප්‍රධානම හේතුවක් බවට පත්ව තිබෙන්නේ දෙවියන්ට සහ බුදුන්ට පහන් සහ හඳුන්කූරු දැල්වීමයි.

අවසානයේ එය නිවා දැමුවේ ගිනි නිවන හමුදාවයි. ඒ වන විටත් නිවෙස් තුනටම දැඩි සේ හානි සිදු වී තිබිණි.

කෙසේ නමුත් අසල්වැසි නිවාස දෙකක් ද ගිනිබත් කරමින් පැතිරෙන ගින්න වළක්වා ගැනීමට උදේ හවා පහන දල්වා පුදන දෙවියන් කිසිසේත්ම කටයුතු කර නැති බව දුටු විට නම් එම කාන්තාවට සැබෑ ලෙසම දෙවියන් සිහිවන්නට ඇත. දේව ඇදහිලි කරපින්නාගෙන පුද පූජා පවත්වමින් කල් ගත කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මේ සිද්ධිය නිසැක වශයෙන්ම හොඳ පාඩමකි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment