වෙඩි බෙහෙත් නෑ කියා ගිනිපෙට්ටි නිෂ්පාදනය ඇණ හිටී


ගිනිපෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය වෙඩි බෙහෙත් රජය මගින් නිසි ලෙස ලබානොදීම නිසා අද (23දා) සිට කමාන්ත ශාලා වසාදැමීමට කටයුතු කරන බව ආරක්ෂිත ඕනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරයි.

රජය මැදිහත් වී වෙඩි බෙහෙත් ගෙන්වාදිය යුතු බවත්, ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම් ගැටලුවක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් එම සංගමයේ සභාපති ආර්. රාජන් මහතා සඳහන් කළේ. ටෙන්ඩර් කැඳවීමේ ගැටලුව මේ වනවිට විසඳී තිබෙන බවත්, එහෙත් අමුද්‍රව්‍ය ගෙන්වන නිශ්චිත දිනයක්

නොදන්නා බවත් ඔහු පවසා සිටියේය.

අමුද්‍රව්‍ය නොමැති වීම නිසා කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට නොහැකි බවද  හෙතෙම සඳහන් කළේය. ගිනි පෙට්ටි නිෂ්පාදනයේදී සෘජු හා වක්‍රලෙස නව දහසකට ආසන්න ප්‍රමාණයක් රැකියාවල නිරතව සිටින බවටද වාර්තා වේ.  අමුද්‍රව්‍ය හිඟවීම නිසා ගෙවීගිය සති කිහිපයක් තුළ කර්මාත්ත ශාලාවල වැඩ කටයුතු පැය 03 - 04කට සීමා කර තිබූ බවද වාර්තා වේ.
ටෙන්ඩර් මණ්ඩල ගැටලුව විසදී තිබුණද, අමුද්‍රව්‍ය සාම්පල් කාර්මික තාක්ෂණ ආයතන  මගින් පරික්ෂා කර,ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාතයංශයේ අනුමැතිය ලබාගත යුතුය.

මේ සඳහා ආසන්න වශයෙන් දින 90කට වැඩි කාලයක් ගතවන බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති. ගිනිපෙට්ටි නිෂ්පාදනය අඩුවීම නිසා බොහෝ වෙළෙඳ සැල්වල ගිනිපෙට්ටි වෙනුවට ලයිටර් අලෙවි කරමින් තිබෙන බවද වාර්තා වේ. එහෙත් ලයිටර් මගින් ගිනි දැලේවීහිදී විවිධ අනතුරු සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශෙ පෙන්වා දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment