ගෝඨා, ඔයාට මතකද ?

ගෝඨා, ඔයාට මතකද ?

 " රාජපක්ෂ පාලනයක් යටතේ මුස්ලිම් ජනතාවට බිය සැක නැති යුගයක් උදාකරනවා" මේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උදාරතර වැකියයි. 

සිංහල ,දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස් වලට සතුටින් ජීවත් විය හැකි සංවර්ධිත රටක් ගොඩනැගෙන්නේ නම් එය ඉතාම හොඳය. වියයුත්තේද එයමය. එහෙත් නොවන්නේ එයම බව දැන් මේ රටේ මිනිස්සු දන්නේය. දේශපාලන සිහිනයන් පිළිබඳ එදාට වඩා අවබෝධයක් දැන් මිනිසුන්ට ඇතැයි යන්න විශ්වාස කරමු.

ගෝඨාභය රාජපක්ෂට එය එදත් කිරීමට අවස්ථාව තිබුණි. ජාතික සමඟිය, සංහිඳියාවට පාර කැපීමට අවශ්‍ය තරම් අවස්ථාව තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය දැරූ රාජපක්ෂ පාලන යුගය කළ කී දෑ නැවත ඔවුන්ටම මතක කර දෙන්නට සිදුව ඇත්තේ මැරී ඉපදී මෙන් කියන කතා ඇසුණ විටය.

බොදු බල සේනා වැනි අන්තවාදීන් සමඟ එක පෙළට සිටගෙන එදා මුසල්මානුවන් පසුපස අවි අමෝරාගෙන දිව යන විට මුස්ලිම් ජනතාවට බිය සැක නැතිව ජීවත් විය හැකි යුගයක් ගොඩනැගීම පිළිබඳ අදහසක් නොතිබෙන්නට ඇත.

කෙසේ වෙතත් එදා මේ රාජපක්ෂලා සුළුතර ආගමික ප්‍රජාවන්ට අත්කර දී තිබූ නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සවිස්තර වාර්තාවක් පසුගිය (29) එළිදක්වා තිබුණි.

කොහොමත් දැන් රාජපක්ෂලා එදා කියූ කියුම් කෙරු කෙරුම් කණපිට පෙරළන්නට උත්සහ දරමින් සිටියි. එහෙත් ඉන් පලක් නැත්තේ ඒ කියූ කියුම් කෙරු කෙරුම් මතක්කර දෙන්නටද අය සිටින බැවිනි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment