නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
කෙසේ වෙතත් මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව ගිනිඅවි ආරක්ෂණ පනතට අදාල නොවන බවයි. ඒ අනුව අමල් කරුණාසේකරට මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට මීට පෙර ඔහුගේ නීතිඥවරුන් සමත් විය.
නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාල මහාධිකරණය හමුවේ සහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එකිනෙකට පටහැනි කරුණු ඉදිරිපත් කරමින් සිටී. පසුගිය සමයේ සිදු වූ අපරාධ, දූෂණ-වංචා සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ කටයුතු මන්දෝත්සාහී කිරීමට සහ ව්‍යාකූල කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසක් කටයුතු කරන බවට විටින් විට චෝදනා එල්ල වූ අතර මෙවැනි සිද්ධීන් හරහා එම චෝදනා සත්‍ය බවට ඔප්පු කරමින් තිබේ.
ගැටලුව වන්නේ ඇත්ත කියන්නේ රොහන්ත අබේසූරිය ද ලක්මිණී ගිරිහාගම ද යන්නයි, මොවුන් දෙදෙනාගෙන් නඩු කටයුතු මන්දෝත්සාහී කිරීමට සහ අධිකරණය නොමග යැවීමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්නයි.
සිදු වූ අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට පවරා ඇති නඩු කිසිවක අවසානයක් දැකීමට තවමත් සමත්ව නොමැති අතර එහි වගකීමෙන් වැඩි කොටසක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බාරගත යුතුය.
0 comments :
Post a Comment