ඒ අනුව පේරාදෙණිය රෝහලේ ඡ්‍යෙෂ්ඨ ළමා රෝග ලේඛකාධිකාරිවරයා සහ බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ද, ළමා රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු කඹුරුපිටිය මූලික රෝහලට ද තාවකාලිකව යොමු කර ඇත. ඉදිරියේදී තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකු දකුණු පළාතේ රෝහල්වලට තාවකාලිකව අනුයුක්ත කිරීමට නියමිතය.
රෝගී සත්කාර සේවා සඳහා හෙද හෙදියන් අවශ්‍ය බැවින් හෙද පුහුණු පාසල්වලින් පුහුණුව අවසන් කළ හෙද සිසුන් තාවකාලිකව දකුණු පළාතේ රෝහල්වලට අනුයුක්ත කර තිබේ.
වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන් දකුණු පළාතේ රෝහල් 08 ක ප්‍රතිකාර ලබන අතර, මේ වනවිට රෝගීන් ඇතුලත්වීමේ අඩුවක් දක්නට ලැබෙන බව දකුණු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.බී. විඡේසුරිය මහතා පවසයි. වැඩිහිටි රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇත. ඉදිරි සති දෙක තුල රෝගය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරයි. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කර ඇත.
0 comments :
Post a Comment