මෙම නිලවරණය පැවැත්වීම සඳහා පත්කොට ඇති නිලවරණ කමිටුව මුළුමනින්ම නීතියට පටහැණි බව නිශාන්ත රණතුංග මහතාගේ චෝදනාව විය.
වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කළ නාමයෝජනාවට එරෙහිව විරෝධතා ගණනාවක් ඉදිරිපත් කෙරුණ අතර එම විරෝධතා නිලවරණ කමිටුව විසින් ප්රතික්ෂේප කළ බවද නිශාන්ත රණතුංග මහතා චෝදනා කර තිබුණි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධුරයට තරඟ වැදීමට තම සේවාදායකයාට සියලු සුදුසුකම් පවතින බව තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවයේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා තිබුණි.
කෙසේ වෙතත් විනිසුරුවරු තීන්දු කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමටයි.
ඒ අනුව හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට අභුයාචනධිකරණය තීන්දු කර තිබේ.
0 comments :
Post a Comment