තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේය. ඒ අනුව 2012 ජනවාරි 01 සිට 2015 අගෝස්තු 05 වැනිදා දක්වා හිටපු ජනපතිගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නාවික හමුදා සාමාජිකයන්ගේ දෛනික සටහන් පොත්, කෙටි සංඥා, නිවාඩු ලේඛන ආදිය ඔස්සේ ඔවුන් මෙම සිදුවීමට සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් සිටී.
 
රහස් පොලිස් නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ජුනි මස 29 වැනිදා අදාල තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment