ගෝටා සාගලට ඉව අල්ලයි

ගෝටා සාගලට ඉව අල්ලයි
ඔහු එම රාජකාරියේ නිරතව සිටියදී සිය පක්ෂ නායකයා සමග ඇති ආරෝවේ තවත් තොරතුරු එළියට පැමිණෙමින් තිබේ. සාගල රත්නායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් අපේක්ෂාවෙන් සිටි අතර ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකර තිබේ.
 
ගෝටා - සාගල සබඳතා තර වෙයි
 
මේ අතර සාගල රත්නායක මේ දිනවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සබඳතා තරකර ගනිමින් සිටී. රාජපක්ෂලා සමග සාගලගේ ඇති සම්බන්ධය ඔහු නීතිය හා සාමය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී හෙලිදරව් වූ අතර දැන් එළිපිටම ගෝඨාභය සමග ගනුදෙනු කරමින් සිටී. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නම ගෑවී ඇති අපරාධ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමට රජය අපොහොසත් වූ අතර ඊට ප්‍රබල සාධකයක් වූයේ සාගල රත්නායක නීතිය හා සාමය අමාත්‍යංශය භාරව සිටීමයි.
 
සාගලගේ සහෝදරයෙකු වන කාවන් රත්නායක යටතේ, ගෝඨාභය රාජපක්ෂගේ ඥාතීන් සැලකිය යුතු පිරිසක් සේවය කරන අතර එමගින් ද ගෝටා-සාගල සබඳතා තහවුරු වී තිබේ.
 
ගෝඨාභය සමග තමාට ඇති හිතවත්කම් සම්බන්ධයෙන් මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාප ඉහළ පෙළේ නායකයන්ට ඒත්තු ගැන්වීමේ උත්සාහයක සාගල සහ ඔහුගේ සමීපතමයන් මේ දිනවල නිරත වී සිටී. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා නීතියෙන් බේරී සිටියේ තමා නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිසා බව ඔහු විවිධ පුද්ගලයන් සමග පවසා තිබෙන අතර මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ සමග විවෘත මනසකින් යුතුව සාකච්ඡා කළ හැකි මට්ටමට සබඳතා තහවුරු වී ඇති බව ද ඔහු පවසා තිබෙනවා. 
 
එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්
 
මේ හරහා සාගල රත්නායක එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට කටයුතු කරන බවයි ඔහුගේ සමීපතමයන් පවසන්නේ. එක් පැත්තකින් ගෝඨාභය සමග සබඳතා පවත්වන බව ප්‍රකාශ කිරීම හරහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රිද්දවීමට කටයුතු කරයි. අනෙක් පැත්තෙන් රාජපක්ෂලා සමග ඇති සබඳතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හරහා ඔහු සම්බන්ධයෙන් රාජපක්ෂලා තුළ පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment