අද (05) ආරම්භ වූ දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායමට සහ පුහුණුකරුවන්ට සුදුසු නේවාසික පහසුකම් සැලසීමට කටයුතු නොකිරීම ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවත් කිරීමට අසන්නතම හේතුවෙ වී තිබෙනවා. මෙම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අතර ඔවුන්ගේ උපදේශකයන් ලෙස 15 දෙනෙකු කටයුතු කරයි.
අදාල පිරිසට ටොරින්ටන්හි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නේවාසිකාගාරය තුළ නවාතැන් පහසුකම් සපයා ඇති අතර කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් එහි නොමැති බවයි අනාවරණය වන්නේ. ඊයේ (04) පෙරවරුවේ සිට අදාල නේවාසිකාගාරයේ විදුලිය බිඳවැටී ඇති අතර අධ්‍යක්ෂක ජනරාල්වරයා ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් සැළවීමෙන් පසු අමාත්‍යවරයා අදාල පිරිසට කොළඹ තරු 4 හෝටලයක නවාතැන් පහසුකම් සපයාදීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කරුණු මානව සොයා බැලූ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ උදාසීන ආකාරයත් එයින් අත්වූ තත්වය මත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වූ අපහසුතත්වයත් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට හා ඔහුව එම ධූරයෙන් නෙරපා හැරීමට අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දී තිබේ.
0 comments :
Post a Comment