පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
කොත්මලේ ජලාශය ඇතුළුව ඉහළ කඳුකර ප්‍රදේශයේ සිට පොල්ගොල්ල ජලාශය වෙත තත්පරයට ඝන අඩි 30,000 ක ජල ධාරිතාවයක් ලැබෙමින් පවතින අතර වාන් දොරටු විවෘත කිරීමත් සමග පොල්ගොල්ල ජලාශයෙන් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 29,000කි.
 
මහවැලි ගංගාව භාවිතා කරන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස මහවැලි අධිකාරියේ පොල්ගොල්ල ජල හැරවුමේ කාර්යයභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
 
මේ අතර පේරාදෙනිය-පැණිදෙනිය මාර්ගය අද පස්වරුව වනවිට ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා වී තිබේ.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
polgolla 1
polgolla 2
polgolla 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment