අවම වශයෙන් අගමැතිවරයාට හෝ පාලනයක් නොමැති මේ ලේකම්ලා සිරිකොතේත් , අරලියගහ මන්දිරයේත් උදහසට ලක්ව ඇති බව ඔවුන්ද දැන් දන්නවා විය යුතුය. එය තවදුරටත් වර්ධනය වන තැනට නිමා වුණු වෙසක් පොහෝ දින පැවති ජාතික වැඩසටහන් වලට සමඟාමීව අරලියගහ මන්දිරයේ ධාතු ප්රදර්ශනයේදීද පත්ව ඇත.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූ ධාතු ප්‍රදර්ශනයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේදී මුලිකත්වය දීමට තීරණය වී ඇත්තේ අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහගේ TNL රූපවාහිනියට හා දෙරණ රූපවාහිනියටයි. මෙම තීරණයට මැදින් පනිනා සමන් ආතාවුදහෙට්ටි ප්‍රකාශ කර ඇත්තේ ITN නාලිකාව හරහා එය සජීවීව විකාශය කිරීමට හැකි බවයි. ඒ අනුව ධාතු වන්දනාව TNL හා දෙරණ නාලිකා වලින් ගැලවී ITN වෙත ලබා දීමට එකඟ වී තිබේ. එය සමන් ආතාවුදහෙට්ටිගේ තීරණයක් වන අතර ITN පාලනාධිකාරියේ සමස්ත එකඟතාවක් එහි තිබී නැත. සමන් ආතාවුදහෙට්ටිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ITN පාලනාධිකාරිය පමණක් නොව සේවකයන්ද සිටින්නේ හිත නොහොදින් බව සමන්ද දනියි. සේවකයන් මෙල්ලකිරීමේ සිට නාලිකාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් මේ වන විට ඔහු දක්වන නොහැකියාව මෙම විරෝධයට හේතූ වී ඇති බව සඳහන්. ITN අභ්‍යන්තර යෝජනාව වී ඇත්තේ සමන් ආතාවුදහෙට්ටි දැන් විශ්‍රාම ගැන්විය යුතු කාලය පැමිණ ඇති බවයි.
මේ අනුව අරලිය ගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනය ITN නාලිකාව හරහා ලබා දීමද උපක්‍රමශීලිව නැවතී ඇත. අවසානයේ සමන්ලා තීරණය කරන්නේ එය සියත රූපවාහිනී නාලිකාවට ලබා දිය යුතු බවයි. ඊට තවත් පාර්ශවයකගේ සහය ලැබී ඇති බවයි අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේ. ප්‍රධාන වෙසක් කලාපයක් ලෙස පැවති ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය සියත රූපවාහිනියට ලබා දිය යුතු බවට යෝජනාව කර ඇත්තේ ගංගාරාම විහාරවාසී ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමකගේ තීරණයකට අදාළවය. ගංගාරාමය හා වත්මන් අරලියගහ මන්දිරය ගහට පොත්ත මෙන් බව නොදන්නා කෙනෙකු නැත. ඒ අනුව සමන්ලාගේත් ආශිර්වාදයෙන් සියත රූපවාහිනිය අරලිය ගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනයෙත් මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය වෙනුවෙනි.
ප්රශ්නය වන්නේ මේ වෙනස්කම් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ දැනුවත්භාවයක් නොමැතිවීමයි. ධාතු ප්‍රදර්ශනයදා සියත ප්‍රධානීන්ගේ පැමිණීමත් සමඟ කුමක් හෝ අවුලක් සිදුව ඇති බවට අගමැතිවරයාට වැටහුම් ගියද ඕනෑ ඕනෑ හැටියට සමන්ලාගේ නැටීම නතර නොවීමද ප්රශ්නයකි. මේ තත්ත්වය මත විශේෂයෙන් අරලියගහ මන්දිරයෙත්, සිරිකොතෙත් සමන්ලාට එරෙහිව වර්ධනය වෙමින් ඇති විරෝධය ඔවුන් ගෙදරම යැවිය යුතුය යන තැනට තල්ලු වී තිබේ.
2015 පසුව පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයාව සිටි කාලයේදී පවා සමන් අතාවුදහෙට්ටි මාධ්‍ය ලේකම්ව සිටි නමුත් ඔහුගෙන් සිදුවූ සෙතක් නොමැති බවට දැනුදු චෝදනා එල්ල වෙයි. විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස ඉටුකළ යුතු වගකීම් නොතකා ඔහු එම කාලය තුළද සිය සිතැඟි පරිදි වැඩ කර ඇති අතර මාධ්‍ය මෙහෙයුම් කටයුතු සියල්ලම පාහේ සිදුකර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය මඟින්ය. වසර 15ක 20ක පමණ කාලයක සිට වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මාධ්‍ය ආයතනවල මතවාදී අරගලයක් ගෙන ගිය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සමන් ආතාවුදහෙට්ටි හා සමන් ඒකනායක යන දෙපළම කිසිදු තැකීමක් කර නොමැති බවට එම මාධ්‍යවේදීන්ම කියා සිටියේය. වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිට සිය රැකියා පවා අහිමි වූ මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට,ලේක් හවුසියට, සහ ස්වාධීන රූපවාහිනියට අනියුක්ත කරන ලෙස අගමැතිවරයා මේ සමන්ලා දෙදෙනාට නියෝග කර තිබුණේ 2015 මහමැතිවරණයෙන් පසුවය. එහෙත් ඔවුන්ට එහි වගේ වගක් තිබී නැති අතර තම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ට හෝ සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍යතාවක් තිබී නැත.
අගමැතිවරයාගේ ලේකම් සමන් ඒකනායකට හෝ මාධ්‍ය ලේකම් සමන් ආතාවුදහෙට්ටිට අගමැතිවරයාගේ නියෝග සම්බන්ධයෙන් වුවද සැලකිල්ලක් නොදක්වා සිටීමට තරම් සිරිකොතේ හෝ මන්දිරේ ඇති ඉඩ පිළිබඳව ඇත්තේ ප්රශ්නයකි. එය එජාප අභ්‍යන්තරයද ප්‍රශ්න කරමින් සිටි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්රචාරක කටයුතු අවසන් වීමට දින දෙකකට පෙර එනම් මැතිවරණය මුවවිට තබා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා වෙත දේශපාලන සාකච්ඡාවක් වෙනුවෙන් පැය දෙකක කාලයක් ITN ලබා දෙන්නේද සමන් ආතාවුදහෙට්ටිගේ තීරණයකට අනුවය. ආයතනය තුළින් හා බාහිරින් ඊට විරෝධය එල්ල වූ විට සමන් අතාවුදහෙට්ටි සඳහන් කර තිබුණේ එය ඔහුගේ ප්රජාතන්ත්රවාදය බවයි. ජාතික මැතිවරණයක් මට්ටමට උණුසුම් වී තිබූ පුංචි ජන්දය ඔන්න මෙන්න තියා අඩුම තරමේ ඊට පිළිතුරු දීමට තමන් නියෝජනය කරන පාර්ශවයට ඉඩක් නොලැබෙන පරිද්දෙන් කටයුතු කිරීම අහවල් ප්‍රජාතන්ත්‍රවාදයක්දැයි සමන්ගෙන් ප්‍රශ්න කර තිබුණි.
වරින් වර පක්ෂය තුළ මතුවන අර්බුදයන් අවම තරමේ මාධ්‍යයෙන් හෝ වසා ගැනීමට මේ සමන්ලා සමත් වී නැත. එහෙත් ඔවුන්ට ප්‍රශ්නයක්ද නැත. විරෝධයන් මැද වුවද සමන්ලා යෙහෙන් බව සිරිකොත මෙන්ම මන්දිරයත් දෙස් දෙයි.
0 comments :
Post a Comment